ව්‍යාපාරයකට ඩිජිටල් බිල්පොතක් ඕනෙමද?

තාක්ෂණය අතින් වේගයෙන් ඉදිරියට යන ලෝකය සමග සහ සම්බන්ධ වෙමින් කටයුතු කිරීමට අද වන විට බොහෝ ඉදිරි දියුණුවක් අපේක්ෂා කරන ව්‍යාපාර නැඹුරු වෙමින් පවතී. මේ නැඹුරු වීමේ මගින් තම ව්‍යාපාර අවස්ථා තව තවත් පුලුල් කරගැනීමට මෙන්ම එක් රාමුවකට හෝ ප්‍රදේශයකට සීමිත පාරිභෝගික පිරිසකගේ අවශ්‍යතාවන් සපුරනු වෙනුවට අසීමින අවස්ථා ඇතිකර ගැනීමටත් අවකාශ උදාවී තිබේ.
මේ හා සමගාමීව එම ව්‍යාපාර හා ඒවයේ ගැණුම්කරුවන් අතර සම්බන්ධතාවයන් යාවත්කාලීන හා සමාන්තර කිරීම සදහා අතිරේක තාක්ශණය සේවාවන් බිහිවෙමින් පවතී. මේ සේවාවන් ඇතිවීමත් ඒ සේවාවන් තුලින් ව්‍යාපාර කෙරෙහි පාරිභෝගික ආකර්ෂණය වර්ධනය වීමත් නිසා ව්‍යාපාර එම සේවාවන් විශාල ලෙස භාවිතා කිරීමට උත්සුක වී තිබේ.
මෙම සේවා කරා නොයන ව්‍යාපාර කෙමෙන් පාරිභෝගික ආකර්ෂණය අඩුවී ගැටලු ඇති ව තිබූ අවස්ථා අද දින වන විට බොහෝ සෙයින් දක්නට ලැබේ.

PiCS අප මූලිකව සිදුකළ ක්ෂේත්‍ර චාරිකා වලින් හා සමාජ මාධ්‍ය විශ්ලේෂණ තුළින් අවබෝධ කරගත් කරුණු අනුව පහත සේවාව කෙරෙහි විශාල ලෙස පාරිභෝගික ආකර්ෂණය අද දින වන විට යොමුවී තිබේ. ඒවා නම්,

  1. මුද්‍රිත බිල්පත්
  2. බැංකු කාඩ්පත මගින් මුදල් ගෙවීමේ පහසුකම්
  3. දීපව්‍යාප්ත කුරියර් පහසුකම්
  4. මාර්ගගත ක්‍රමය තුලින් ඇණවුම් ලබාදිය හැකි වීම.

තවද PiCS අප කළ නිරීක්ෂණ වලින් ව්‍යාපාරිකයන් ද පහත සේවාවන් තුළින් තම ව්‍යාපාර කටයුතු පහසු කර ගැනීමට යොමුවන බව දක්නට ලැබුනි.

  1. සියලුම දත්ත ආරක්ෂකාරීව හා පහසුවෙන් පරිශීලනය කිරීමට හැකි ලෙස පැවතීම.
  2. විශ්වාසනීය ලෙස මුදල් තම ගිණුම් වෙත බැරවන මුදල් ගණුදෙනු ක්‍රමවේදයක් තිබීම.
  3. අන්තර්ජාලය මගින් තම ව්‍යාපාරයේ ගණුදෙනු සිදුකිරීම.
  4. තාක්ශණික මෙවලම් හා පද්ධති භාවිතයේ දී ඒ සමග සේවා හා උපකාරක සේවා විස්වාසනීයව ලබාගැනීම.
  5. තම ව්‍යාපාර ලෝකේ ඕනෑ ම තැනක සිට මෙහෙයවීමේ හැකියාව.

මෙලෙස පවතින අවශ්‍යතාවන්ට අනුව ව්‍යාපාරිකයන එක් එක් සේවාව වෙනුවෙන් වෙන් වෙන් පාර්ශ්වය තුලින් සේවාවන් ලබා ගැනීමට යොමුවී තිබේ. මේ සේවවන් මේ වන විට ව්‍යාපාරක් පවත්වාගෙන යාමේදී අත්‍යාවශ්‍ය සේවාවන් බවට අද වන විට පත්වී තිබේ.
මේ සියලු කරුනු සලකා අප PiCS POS පද්ධතිය නිර්මාණය කර තිබේ. PiCS POS මගින් ඉහත පාරිභෝගික අවශ්‍යතා හා ව්‍යාපාරික අවශ්‍යතා පරිපූර්ණ ලෙස සපයනු ලැබයි. තව ද මෙමෙ සේවාවන් එකම සේවා සපයන්නෙක් ගෙන් එනම් ඩිජිටල් හා ඒ හා සහ සම්බන්ධ සේවා සැපයීමේ අවුරුදු 12 කට වැඩි අත්දැකීම් සහිත Vertical Tech Solutions ආයතනයෙන් ඉතා විස්වාසයෙන් හා සාදාරණ මුදලකට ලබාගැනීමටත් පහසුකම ලැබී තිබේ.
මාගේ නිගමනය අනුව, අද අවශ්‍යතාව සලකා ව්‍යාපාරික ඔබගේ හොදම ආයෝජනය ලෙස ඩිජිටල් බිල්පොත් ක්‍රමය ට යොමුවීම තහවුරු කරන අතර ඒ සදහා PiCS POS පද්ධතියේ පවතින විශේෂිත බව හා ගැලපීම මේ මගින් තහවුරු කරමි.

Write a comment

Your email address will not be published. All fields are required